Steps to Start A/Ls

A step by step process on how you could start your A/Ls Watch it in English

  • 1
    උසස් පෙළ ආරම්භ කරන ආකාරය
  • 2
    A/L විෂයන් තෝරා ගන්නා ආකාරය
  • 3
    A/L සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යය තෝරා ගන්නා ආකාරය
  • 4
    A/L වලට ගුරුවරුන් තෝරා ගන්නා ආකාරය
  • Work for 3A's

උසස් පෙළ ආරම්භ කරන ආකාරය

ඔබ සාමාන්‍ය පෙළ විභාගයේ සෑම විෂයකටම උපරිම ලකුණු ලබාගත්තත් උසස් පෙළ විෂයන්වලට එලෙසම උපරිම ලකුණු ලබාගන්නට හැකිවේ යැයි විශ්වාසයක් තබන්නට එපා. එසේම ඔබට සාමාන්‍ය පෙළ හොඳින් කරගනැනීමට අපහසුවුනේ නම් ඒ නිසා ඔබට උසස් පෙළද අපහසු වේ යැයි අවතක්සේරුවට ලක්කරන්නටත් එපා.

උසස් පෙළ සෑම විෂයක්ම වාගේ අනුගමනය කරන්නේ සරළ සංකල්පයේ සිට විෂය ආරම්භ කරන ආකෘතියකි. එම නිසා ඔබට මුළ සිට සරළවම ඉගෙනගෙන ගැඹුරු සංකල්පයන්ට යා හැකිවේ. එහෙත් ඔබ සාමාන්‍ය පෙළින් උසස් පෙළට යන විට සාමාන්‍ය පෙළ කරන කාලයට වඩා වැඩියෙන් වෙහෙසවී වැඩ කිරීමටද පුරුදු වන්න.

උසස් පෙළ කරනවිටදී ස්වයං අධ්‍යයනය, ප්‍රශ්න නිරාකරණය සහ අමතර පංති සඳහා ඔබට වැඩි කාලයක් වැයවනු ඇත. එහෙත් විෂය බාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩා, සෞන්දර්ය කටයුතු වලටද කාලය වැය කළ හැකි සේ ඔබේ කාලය කළමනාකරණය කිරීමට කටයුතු කිරීමෙන් ඔබේ මනසද සැහැල්ලුවෙන් තබාගත හැකිවේ.

ඉතින් දැන් සාමන්‍ය පෙළ අමතක කර උසස් පෙළ විභාගය ගැන සිතන්න. එය ඔබේ දෙවන වරම ලෙස විශ්වාස කරන්න. A සාමාර්ථ 3ක් වෙනුවෙන් ඉලක්කයක් සාදාගන්න. සැලසුමක් සකසාගන්න. අප ඔබට හදවතින්ම සුභ පතනවා.

Next ⇒

A/L විෂයන් තෝරා ගන්නා ආකාරය

“සාර්ථකව කාර්යයක් කිරීමට නම් ඔබ කරන දෙයට ආදරය කරන්න. ඔබට ආදරය කළ හැකි කාර්යයක් තවම හමුවී නැත්නම් එය සොයන්න. නතර වී සිටීමෙන් වළකින්න.”

-ස්ටීව් ජොබ්ස්

ඔබ උසස් පෙළ සහ ඔබේ පළමු උපාධි පාඨමාලාව අවසන් කරන විට ඉතා විශාල කාලයක් ගොස් අවසන්ය. ඔබ පිවිසෙන ලෝකය දැන් තිබෙනවාට වඩා වෙනස් වී තිබිය හැකිය. ඔබ දැනටමත් අපේක්ෂා කරන රැකියාව තීරණය කර ඇත. එහෙත් අතීතයේ මෙන්ම පරණ රුකියා ඉවත් වී අළුත් රැකියා අවස්ථා පැමිණ ඇත. අනාගතය රැදී පවතින්නේ තොරතුරු තාක්ෂණය, විකල්ප බල ශක්ති සහ වානිජ රැකියා අවස්ථා මතයි.

ඔබට අනාගතයේ පවතින හෝ පැවතිය හැකි රැකියාවක් ලබාගැනීමට හැකි වන ලෙස ඔබේ විෂය ධාරාව තෝරාගන්නේ නම් ඔබේ රැකියාව පිළිබඳව ආරක්ෂවක්ද එමඟින් සලසා ගත හැකි වේ. විද්‍යා විෂය ධාරාව තෝරාගන්නා ඔබට අනාගතය සැකසී ඇත්තේ කෙසේද?

වෛද්‍ය

• ප්‍රවේණි විද්‍යාවේ දියුණුව නිසා clinical cytogeneticists සහ genetic counsellors යන තනතුරුවලට වැඩි තැනක් ලැබේ.

• ජෛව වෛද්‍ය ඉංජිනේරුවන් විසින් නව කෘතිම ඉන්ද්‍රියයන් නිර්මාණය කරනු ලබන අතර Stem cell researchersලා විසින් ශරීරාවයව දියුණු කිරීමට කටයුතු කරයි. එමෙන්ම කෘත්‍රිම අවයව බද්ධ කිරිමට වෛද්‍ය වරුන් පුහුණු කිරීමේ ප්‍රවණතාවයක් ඇති විය හැකි අතර කෘතිම අවයව Carbon fiber, ටයිටේනියම් වැනි ද්‍රව්‍ය භාවිතා කර නිර්මාණය කිරීමටද රැකියා අවස්ථා බිහිවේ.

• ජානමය වශයෙන් වෙනස් කළ ආහාර වර්ධනය වන ජනගහනය සඳහා අවශ්‍ය වන බැවින් වැඩිපුර ආහාරවේදීන්, පෝෂණ වේදීන් සහ ආහාර විද්‍යඥයින් අවශ්‍ය වේ.

• නැනෝ තාක්ෂණවේදීන් විසින් graphene සහ කාබන නැනෝ ටියුබ වැනි නැනෝ ද්‍රව්‍ය නිර්මාණය කරන නිසා ඖෂධ ප්‍රවාහනය, අධි බලක්ෂති බැටරි, සූර්ය කෝෂ සහ පරිගණක යන ක්ෂේත්‍රවල වැඩි ප්‍රවණතාවයක් ඇතිවිය හැකිය.

විශ්වය

• සුළං ටර්බයින, චුම්භක, ගුවන් යානා එන්ජින්, කාච කර්මාන්තයන් සඳහා යොදාගන්නා Neodymium වැනි ද්‍රව්‍ය පෘථිවියේ දුලභ වන හෙයින් ඒ සඳහා අනාගතයේ සඳෙහි හෑරීම් වැනි කටයුතු කිරීමේ අවකාශයක් අනාගතයේදී උදාවේ.

• අනාගතයේදී සඳහෙි සහ අඟහරුවල ජනපද පිහිටුවුවහොත් එහි ජනපදවාසීන් සඳහා විකරණයට, උණුසුමට, සීතලට සහ ලවණ ජලයට ඔරොත්තු දෙන ආහාර බලාගාර නිර්මාණය කළයුතු වේ.

• අභ්‍යාවකාශයේ එකතු ව අපද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු යෙදීමට සිදුවේ.

පරිගණනය සහ වෙබ් අවකාශය

• Cloud Computing විශේෂඥයින්, තොරතුරු තාක්ෂණ ආරක්ෂණ උපදේශකවරුන්, ඩිජිටල් අලෙවිකරණ විශේෂඥයින් සඳහා වැඩි ඉල්ලුමක් ඇතිවේ.

• ක්‍රීඩා සහ චිත්‍රපට සඳහා ත්‍රිමාණ නිර්මාණකරුවන් මෙන්ම විශේෂ ප්‍රයෝග නිර්මාණකරුවන් සඳහාද විශේෂ ඉල්ලුමක් ඇතිවේ.

• ජාලකරණ ඉංජිනේරුවන් සහ ෆයිබර් ඔප්ටික් කාර්මික ශිල්පීන් සඳහාද වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් උදාවේ.

බලශක්තිය සහ පරිසරය

• ස්වභාවික සම්පත් අවම වෙමින් පවතින යුගයක සම්පත් ප්රතිශක්තිකරණය සහ කසල කළමණාකරණය වැනි ක්ෂේත්ර වල රැකියා අවස්ථා වැඩිවන ප්රවණතාවයක් පවතී.

• ස්වභාවික සම්පත් අවම වෙමින් පවතින යුගයක සම්පත් ප්‍රතිශක්තිකරණය සහ කසල කළමණාකරණය වැනි ක්ෂේත්‍ර වල රැකියා අවස්ථා වැඩිවන ප්‍රවණතාවයක් පවතී.

කලා විෂය හදාරන අය සඳහා ඇතිවන රැකියා අවස්ථා සැකසී ඇත්තේ කෙසේද?

විනෝදාස්වාදය

• ඉලෙක්ට්‍රොනික පොත් වැනි online ප්‍රකාශන සඳහා වැඩි අවස්ථා ප්‍රමාණයක් අනාගතයේදී උදාවේ. අන්තර්ජාලය තුළ වෙනත් මාධ්‍යවලට වඩා මාධ්‍යවේදීන් සඳහාද වැඩි ඉල්ලුමක් අනාගතයේදී උදාවේ.

• සම්ප්‍රදායක පොත් ඉලෙක්ට්‍රොනික පොත් බවට පරිවර්ථනය කිරීම සඳහා වැඩි ඉල්ලුමක් ඇතිවේ. එය අධ්‍යාපනික ආයතන වල පෙළ පොත් ඩිජිටල්කරණය කිරීම දක්වා මෙය ව්‍යාප්ත විය හැක.

සමාජ ජාල

• ජනප්‍රිය පුද්ගලයින්ට සහ සමාගම්වලට තම ප්‍රතිරූපය නංවා ගැනීම සඳහා අවශ්‍ය වන නිසා සමාජ ජාල සංවර්ධකයින් සඳහා වැඩි ඉල්ලුමක් ඇතිවේ.

වාණිජ විෂය ධාරාව හදාරන සිසුන් සඳහා අනාගතය සැකසෙන්නේ කෙසේද?

• ආයෝජකයින් සඳහා වානිජ වෙළදාම් වලදී ඇතිවන අවධානම් සහ වියදම් අවම කරගැනීමට වානිජ තාක්ෂණවේදීන් අවශ්‍ය වේ.

• අනාගත වානිජ වෙළදාම් ඉතාමත් සීග්‍රයෙන් වෙනස් වන නිසා ඒ පිළිබඳව විශ්ලේෂණය කිරීමටද පුද්ගලයින් අවශ්‍ය වන අතර එවැනි රැකියා අවස්ථා සඳහා වැඩි වැටුප් හිමිවේ. අනාගතය දකින්නට පුරුදු වී ඔබේ ඉලක්ක සපුරාගන්න. ඔබට සුබ අනාගතයක්!

Next ⇒

A/L සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යය තෝරා ගන්නා ආකාරය

උසස්පෙළ සඳහා ඔබ ඔබට ගැළපෙන මාධ්‍යය තෝරාගැනීම ඔබේ ජීවිතයේ ඔබ මුහුණදෙන තරඟකාරීම විභාගයේ සාර්ථකත්වය සඳහා පිටුවහළක් වේ.

ඒ සඳහා ඔබට මඟ පෙන්වීමට සුපුන් චාමර (රසායන විද්‍යා විශේෂ, උපාධි අපේක්ෂක, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) සහ චමෝදි ලංකිකා (උපාධි අපේකෂිකා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) ගුරුපාර හරහා අප සමඟ එක් වී සිටිනවා.

උසස් පෙළට ඔබට සැහැල්ලුවෙන් පහසුවෙන් මුහුණ දිය හැකි පරිසරයක සිට මුහුණ දීම වඩාත් වැදගත් වේ. ඔබ සාමාන්‍ය පෙළ සිංහල / ඉංග්‍රීසි මාධ්‍ය වලින් මුහුණ දුන්නේ නම් එම මාධ්‍යවලින්ම උසස් පෙළ සඳහා මුහුණ දීම ඔබට වාසි දායක විය හැකිය.

එහෙත් මාධ්‍යයක් තෝරාගැනීමට ප්‍රථම ගුරුපාරේ අපි ලබාදනෙ පහත කරුණු ටිකත් කියවලා බලන්න.

• ඔබට ප්‍රශ්න තේරුම් ගැනීමට සහ පිළිතුරු ලිවීමට පහසු භාෂාවක් තෝරාගන්න.

• ඉංග්‍රීසි මාධය පංති අනෙක් මාධ්‍යවලට සාපේක්ෂව අඩුවුණත් ප්‍රමිතියෙන් අඩුවක් නැත.

• විෂය සම්බන්ධ වැඩි සහ ජනප්‍රිය පොත් ප්‍රමාණයක් ලියැවී ඇත්තේ සිංහල මාධ්‍යයෙනි.

• ඔබේ ප්‍රශ්න පත්‍ර සකසන ගුරුවරු සහ මහාචාර්යවරුන් අධ්‍යයනය කරන දේ වලින් වැඩි ප්‍රමාණයක් ඇත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි.

• ජාත්‍යන්තරව පිළිගත් උපාධි පාඨමාලා සියල්ලම පාහේ ඇත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. එම නිසා ඔබේ උසස් අධ්‍යාපන කටයුතු ඉංග්‍රීසි මාධ්‍යයෙන් කිරීමටද සූදානම් වන්න.

ඔබේ A තුනෙහි ඉලක්කයට බාධකයක් නොවන ලෙස සැහැල්ලුවෙන් වැඩ කිරීමට හැකි භාෂාවක් තෝරාගන්න. සුභ අනාගතයක්.

Next ⇒

A/L වලට ගුරුවරුන් තෝරා ගන්නා ආකාරය

ජීවිතය කියන්නේ බාධක හමුවේ දිනුම් කනුව කරා යායුතු මාර්ගයක්. ඔබට නිවැරදි සහයක් සහ මාර්ගයක් කියා දෙන්නේ නම් මේ පාරේ ඔබේ ඉලක්කයට ඔබට ඉතා පහසුවෙන් යා හැකිය. A 3ක් ලබාගන්නට උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීම ඔබෙ මීළඟ අභියෝගයයි. උසස් පෙළ කරන මාධ්‍යය සහ විෂය ධාරාව තෝරාගන්නට කටයුතු කළ ඔබ දැන් කළයුත්තේ ඔබට ගැළපෙන ගුරුවරුන් තෝරාගැනීමයි. එය තරමක් අසීරු කාර්යයක්.

ඒ අසිරු කාර්යය පහසුවෙන් සිදුකිරීමට ගුරුපාරේ අපි ඔබට උදව් කරන්නට කැමති.

ගුරුපාර මඟින් ඔබේ මාධ්‍යයට සහ විෂයයට අදාළ තනි පුද්ගල, කණ්ඩායම් සහ පොදු පංති සහ ඊට අදාළ කාල සටහන් දිවයිනේ සිටින හොඳම ගුරුවරුන් හරහා ඔබට ලබාදෙයි.

ඔබට සරිලන ගුරුවරුන්ට තෝරාගන්න අදම පිවිසෙන්න GuruPaara.lk වෙතට..